ප්‍රේම සටන (සඳ ගිනි ගන්නා)preema satana (sanda gini gannaa)

Prema Satana (Sada Gini Ganna)

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

මන්දිරේ දොරගුළු දමා කළුවරේ නෙතු ඇහැරවා 
සේද සළුවේ සැඟවිලා හුස්ම පවා හිරිවැට්ටුවා
පාළු හෝරාවේ ප්‍රේම සටනට නෙතු නුඹේ ඇරයුම් කළා
හැඟුම් උතුරනා රිදී හී පහර මනස අස්සේ කිමිදුනා
(සඳ ගිනි ගන්නා මේ උණුහුම් හෝරාවේ හදවත ඇවිලුණේ.....//)

දෙව්විමනෙන් ඇවිද මගේ ලෝකෙට සුරඟන මගේ හද තුරුලට
දිදුලන ඇගේ රූප සොබාව හද ඉවසුම් නෑ ඇගේ මායම් බැල්මට
තිබුණට අහසේ තරුකැට එක පුන්සඳෙන් දුරු වෙයි ගනඳුර 
ආසයි කෙල්ලේ එනකොට රහසේ සුරසැප දෙන්නද මගේ හද පහසේ
තණ්හා රති රගා කව්රුත් නෑ අද අපිට කරන්නේ බාධා
නුඹමයි මාගේ අශෝකමාලා මල සිඹින මමයි සාලිය කුමරා
විසේකාරි දහංගලේ සුර යහනේ 
මම නම් ආස කිමිදෙන්න සයුරේ තෙමුණද දැන්මම 
මැණිකේ නොවිඳ ආසි.....

රූ රටා මවනා රැයේ හද පුරා නුඹ විසිරුණේ
සියපතක් වැනි හංසියේ නුඹද මා සිත සැනසුවේ පාළු
පාළු හෝරාවේ ප්‍රේම සටනට නෙතු නුඹේ ඇරයුම් කළා
හැඟුම් උතුරනා රිදී හී පහර මනස අස්සේ කිමිදුනා
(සඳ ගිනි ගන්නා මේ උණුහුම් හෝරාවේ හදවත ඇවිලුණේ.....//)

ඔංචිලි චිල්ල නගේ දෙන්නට දෙන්නා ගහමු කොට්ට පොරේ
ආ නලියන දඟලන හංස යුවල කෙඳිරිය ඇහෙන සද්දේ රෑ කාමරේ
ආදරෙන් කෑදරෙන්  දිවය සනසන්නද නුඹෙ පුංචි සුරතලී
හපන්නම් දෙතොලේ අගින් මං තියලා හාදු තොල් පෙති මැද්දේ 
ස්වර්ගයේ සුරසැප පරදවයි නගේ සැරවැඩ දඟවැඩ කොටියක් මැද්දේ
අවසන් ප්‍රතිපලේ නියපොතු පාරවල් සීයයි පිට මැද්දේ
ඒ කෙල්ලේ සුරතලියේ අවසන් කොටසට ළඟයි වගේ
ඔයයි මමයි මැවු මේ සුරලෝකයක් මයි මේ සුරසැප භවයේ....

සඳු හිරුට මුවා වෙලා යන තුරුළුව සෙවණේ මා
ඉන්නම් හුස්මට පවා ලෙන්ගතු වී නිදිවරා
පාළු හෝරාවේ ප්‍රේම සටනට නෙතු නුඹේ ඇරයුම් කළා
හැඟුම් උතුරනා රිදී හී පහර මනස අස්සේ කිමිදුනා
(සඳ ගිනි ගන්නා මේ උණුහුම් හෝරාවේ හදවත ඇවිලුණේ.....//)