ප්‍රේම සජ්ජායනයpreema sajjaayanaya

Prema Sajjayanaya (The Chanting Of Love)

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
හිරාන් චතුරංගhiraan chathuranga

ගී පද

මලත් අතහැර නොයමි දිවුරා 
බදාගෙන හිටියාට මල් කෙමි 
හීන් නිළි වැස්සටත් වෙන් වෙයි 
ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති

ඉඩෝරෙත් පිපි මල් පෙති 
ගලව ගලවා දුන් හැටී 
ඔබේ ලඟ ඒ කවි ඇතී 
මට කියා කිසිවක් නැතී

වැව රවුමේ යන්තමට ගෑවෙන 
හිඳපු බංකුවේ දියසෙවෙල් පිස 
අදත් වැහි ලිහිනියෙක් තනියම 
හිටියා නමවෙනි වලාකුල උඩ

දවස් තිබුනා අපටත් 
දුරින් හිඳ මිමිනුව 
හදින් වෑහෙන ආලයෙන් 
අතින්වත් අත නොඇලුන

ආදරේ හදවතට දැනුනම 
හුදෙකලාවත් සාපයක් 
හීන පාවා දීම යනු නිම 
කරන්නට බැරි පාපයක්

වසන්තේ මම වෙමී 
අනන්තේ නුඹ නොවී 
සදැස් කව් ලිහි ලිහී 
ප්‍රේමයේ පිංකම් කෙරේ

ආදරේ පිරිතකි 
ජීවිතේ සිරිතකී 
පන්හිඳේ එති එතී 
කවි තිබිරිගෙයි ලතී

සිරිතටම පිරිත් කී 
හිතට සැනසුම් නැතී 
පිරිත් සර ඇසි ඇසී 
කුමරි සැපසේ නිදී