ප්‍රේම පාරාදීසේpreema paaraadhiisee

Prema Paradise

ගී පද

ප්‍රේම පාරාදීසේ
සිනහ බිඳුව ඔබ -කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පාරාදීසේ

විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුන සිහිනෙක අරුණු උදය ඔබ
වැළපුණු වෙරළක දිය බිංදුව ඔබ
ගොළු වුන දෙතොලක සිනහ සිළිල ඔබ

ගිනි දන කතරක පවන් රැළකි ඔබ
විළිලන අඳුරක නැවුම් ඉරකි ඔබ
නොහැගෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව යාමෙන් නොයන දුකකි ඔබ