ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්preema maayaa dhaelee paetalilaa noyan

Prema maya dale patalila noyan

ගී පද

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
‍සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බි‍ඳේවි මොහොතකින් //

බිඳුණු පෙම් හදින් හඬන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාළුවේ
පුංචි කාලේ එවන් වේදනා දැණුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින්

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
‍සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බි‍ඳේවි මොහොතකින්

මිහිරි කල්පනා සුමුදු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා
නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණොතින්
පුංචි හිතට දේ ද වේදනා

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
‍සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බි‍ඳේවි මොහොතකින් //