ප්‍රතිරාවේprathiraawee

Prathirawe

සංගීතය:
අර්ජුණ රූකාන්තarjuna ruukaantha
පද රචනය:
සශික නිරංජන්sashika niranjan

ගී පද

පිබිදේදෝ මල් යායේ සිත් අහසේ
තනිවේදෝ ඇය හඬනා තුරු දැහැනේ
පිනි ඉසනා හද ගැස්මේ මවා ප්‍රතිරාවේ
ගිලිහී ගියා බොඳව ගියා...

ඇඳි සිතුවම් හද රැඳි මාළිගේ
බොල් අහසේම පාවී ගිය හසරැල්ලේ
කඳුලැල්ලේ ඔබේ රැලි අතරේම සුනු වී බිඳේ...

තරු අතරේ ඝනදුරු මාවතේ 
සඳ නොපෙනීම නොමැකී ගියේ
අඩ අඳුරේ හසරැල්ලේ ඔබේ
උඩු හුළඟේම උඩු හුළඟේම  
මුසු වී යාසේ...

පිබිදේදෝ මල් යායේ...