ප්‍රාර්ථනා අපගේ යන්නට හැර අපතේpraarthhanaa apagee yannata haera apathee

පෝරුව - Prarthana Apage Poruwa

ගී පද

ප් ‍රාර්ථනා අපගේ යන්නට හැර අපතේ
එකතු වෙන්නෙ නොමැති ලෝකෙ 
ගෙවමු හුදෙකලාවේ...
සවන් පතට ඔබගේ නොකීවාට පෙරසේ
මට හිතෙන්නේ අපි ගෙවන්නේ
කරුමයක් අතීතේ...

යම් දිනෙක පෝරුවක 
ඔබ හට අයිති වන්න
වාසනාව නෑ මට....//

හිමි වන්නේ නැති දෑත සිහිනෙන්වත් හැම රෑම
මොහොතක් හෝ නැරඹීම විතරයි මගේ සැනසීම
දැන්වත් කියන්න ගී කිරිල්ලියේ මට
අපි ආදරේ කලේම ගින්දරෙන්මද ......

යම් දිනෙක පෝරුවක
ඔබ හට අයිති වන්න
වාසනාව නෑ මට....//

ගමනන්තේ ගැන නොදැන
මහ මුහුදේ දිය සිඹින 
රුවලක් නැති නෞකාව
වාගෙයි ඔබ නැති දිවිය
සින්නක්කරෙන් අතීතයන් නිධන් කර
මිතුරෙක් වෙලා හිඳින්න අවසරයි හෙට...

යම් දිනෙක පෝරුවක
ඔබ හට අයිති වන්න
වාසනාව නෑ මට....//