ප්‍රඥා ප්‍රදීප දල්වාpragnaa pradhiipa dhalwaa

Pragna Pradeepa Dalwa

ගී පද

ප්‍රඥා ප්‍රදීප දල්වා  මෝහාන්ධකාර වනසා
ලෝකා ලෝක සදාලා වජ්‍රාසනාරූඪ වූ
ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි

කරුණා සීතල හදිනී වස්සා සද්ධර්ම වර්ෂා
ජනතා විමුක්ති සලසා පෑ ලෝකානුකම්පා
ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි

පාරමිතා උපහාරී පූණ්‍ය ක්‍රියා බලධාරී
ඥාන විශේෂ නිවාසී මාර පරාජිත සෑසී
ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි