ගී පද
පෝරුව මත අතැගිලි නොබැදුනාට
ජය මංගල ගී සවනට නාවට
රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට
ඔබයි මගේ අග බිසෝ
මට සිහිලස ගෙනෙනා //
ළයට තුරුළු වී ලැම හිස තියාන
නුරා නුවන් යුග මා හද දවනා
සිටිනා නුඹ හට ඇසේ ද සොඳුරේ
මගේ හද ගැහි ගැහි ගයනා ගී පද
ආදරෙයි මම උන්මාදනියේ
නුරා නුවන් යුග මා වෙත දල්වා
වත්සුණු පිසදා සළුපිළි නූරලා
එන්න මා වෙත වෙලා ගන්නට
එකම සිතක් වී එකම ගතක් වී
ආදරෙයි මම උන්මාදිනියේ
පෝරුව මත ......