ගී පද
පොරොන්දුවක් තියන්නම් ලෙයින් දිවුරලා
වෙනස් නොවී සදාකල් හිඳින්නම් කියා
ඔබෙන් එහා හෙටක් ජීවිතේ නැති නිසා
මොන දේ වුනත් ඔයාව අත්හරින්නේ නැහැනේ මා
මං මගේ ජීවිතේ බාර දෙන්නම් ලියා
ඔබේ පණ වගේ රකිනවා නම් ඔයා
පුදුම ආදරයකින් ඔබ ඇවිත් ලං වෙලා
හැමදේම ජීවිතේ ඔයා ඇවිත් වෙනස් කලා
හුස්ම සේ ඔබේ ලඟට වී දිවියේ
ඉන්නවා මගේ හැමදා ජීවිතේ
මේ ලෙසින් අපේ හැම සංසාරයේ
මා වගේ ඔබත් ආදරෙන් ඉන්නැතී
ඇත්තමයි අපේ මේ කතන්දරේ
ජීවිතේ පුරා නිමා නොවෙන්නෙමි
එදත් අදත් හෙටත් ජීවිතේ ඔබ තමා
වෙනස් නොවී ඔබේ ලඟම මං ඉන්නවා
පුදුම ආදරයකින් ඔබ ඇවිත් මා සොයා
(හැමදේම ජීවිතේ ඔයා ඇවිත් වෙනස් කලා...//)