පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්polruppaawee dhangakala sellam

Polruppawe Danga Kala

ගී පද

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්  ‍
සුළ ‍ ‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හ ‍ ‍ඬේ දුක් ගීත රාවයේ
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්