පොලිටික්ස් ජිවිතේpolitiks jiwithee

Politics Jeewithe

ගී පද

(අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා 
දන්නෙම නැතිවම වයස ගිහිල්ලා
ගහපු බෙරත් නෑ බෙරේ පලුත් නෑ
Politics කරලා ලැබුණු දෙයක් නෑ
හෝ.... Politics ජීවිතේ 
හෝ.... Politics ජීවිතේ.......//)

ඉඩම් විකුණලයි Politics කෙරුවේ
ලොකු ලොකු අයගේ ළඟින්ම සිටියේ
පොඩි පොඩි මිනිසුන් රවටා රිසි සේ 
ජීවිතේ සරු වෙයි කියලා සිතුවේ......
(හෝ.... Politics ජීවිතේ......//)
අවුරුදු ගාණක්........

ලොකු අය කියනා පදේට නැටුවේ
පැත්තෙන් පැත්තට පැන පැන සිටියේ
අල්ලපු වත්තත් නැති වෙලා ගියේ
පය ගැසූ වත්තත් නැති වෙලා ගියේ......

(හෝ.... Politics ජීවිතේ......//)
අවුරුදු ගාණක්........