ගී පද
පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුණපු පුංචි බට්ටි කෝ
ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ......//
වන්දනාවේ අපි යනකොට වළං කඩේ ලංවෙනකොට
ලස්සන ගැමි රූප මැවෙනවා ගෙදර වළං බඩු තියෙනවා
ඇගේ සිනහව මට වටිනවා තවත් වළං ගන්න හිතෙනවා
ඩේලි වන්දනාවේ යනකොට වළං ගොඩක් ගෙනාවා මම
ගෙදර වළං වලින් පිරෙනවා වළං වැඩි දැන් ගෙදරට
වයිෆ් පනී මගේ බෙල්ලට, වළං කඩේ ගෙදර දානවා.......
පොඩි වළං කඩේ.....
චීත්ත රෙද්දක් ඇඳගෙන හිස පීරන් තෙල් ගාගෙන
නඩේ අයට බඩු විකුණන්නේ
දොදොල් කෑලි පැණි බේරෙන සීනි ජැගිරි රස වෑහෙන
එළවලු මැස්සක් හිනැහෙන්නේ
කරවිල වම්බටු පතෝල අඹ රඹුටන් ජම්බු පේර
ගෝනි ගණන් මං ගන්නේ අනේ මගේ මෝඩකමට
බිස්නස් වැඩි වෙයි බට්ටිට, සල්ලි නැතිව මං ලොස්ට් වෙන්නේ
පොඩි වළං කඩේ.....//