පොඩි කාලේ දඟ කෙරුවාම (පෙම්බර අම්මා)podi kaalee dhanga keruwaama (pembara ammaa)

Podi Kale Danga Keruwama (Pembara Amma)

ගී පද

පොඩි කාලේ දඟ කෙරුවාම 
අඬමින් කරදර කෙරුවාම 
ඔබ දෑතට අරගෙන මාව 
නළවා දොයි දොයි කිව්වා...

අම්මා පෙම්බර අම්මා 
තාත්තා පෙම්බර තාත්තා...//

මට රසවත් ආහාර කවලා 
පාසැල වෙත මේ මාව යවලා 
රෑ වුනාම මා නිදි කරලා 
දොයි දොයි දොයි දොයි කියලා...

රස්සාවට ගොස් ඔහු එනවා 
මට සීනි බෝල හෙම දෙනවා 
සෙල්ලම් බඩු ගෙනැල්ලා දෙනවා 
මගේ තාත්තා හරිම හොඳයි...