පොඩි කාලේ අපි දෙන්නාpodi kaalee api dhennaa

Podi Kale Api Denna

ගී පද

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා  මෙන්ම හදවත මත්තේ //
ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ
කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ
ඇසුමය වාගේ ...
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා //
දැමූ අතීතයමා වෙත නිහඩව කියලා
වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා
මදු මල් පිපිලා ....

පොඩි කාලේ ....