පොඩි කඩේ හිටිය නගේpodi kadee hitiya nagee

Podi Kade Hitiya Nage

ගී පද

පොඩි කඩේ හිටිය නගේ නුඹට සිත බැඳුනා මගේ 
මගේ යාලුවෝ නුඹ ගැනමයි නිතර කතා කලේ 
චාරිකාව නිමා වුණත් නුඹ බලන්න නගේ 
තෑගි අරන් මම එනවා නුඹ හිටපන් කඩේ 

අනුරපුරේ පොළොන්නරුව සීගිරි බැලුවට 
පොඩි කඩේ ළඟම තමයි නගේ සිත බැඳුනේ මට 
දෙකේ ඇලේ පුංචි මාලු තාම නටනවද
පොඩි මල්ලි තවම නුඹේ තනියට කඩේට එනවද 

සීනි බෝල ටොපි චොකලට් කඩේට හරි හැඩයි 
කඩිසරවී වැඩ කරද්දී කට පොඩ්ඩක් සැරයි 
(කොහොම වුණත් එහි තිබුණේ නුඹේ සිරිය තමයි 
ලිපියට මට පිළිතුරු නැති එක ගැන නම් සැකයි)...// 

එන එන අය බලා හිටියේ නුඹේ හැඩම තමයි 
ඈත දුරක හිටියත් මම තවම නුඹේ ළඟයි 
(තරු තනියට අද සඳ නෑ මාසේ පොහොය නිසයි 
මගේ තනියට කිසිවෙකු නෑ තවම එහෙම තමයි)...// 

පොඩි කඩේ හිටිය නගේ....
අනුරපුරේ පොළොන්නරුව සීගිරි....