ගී පද
පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැදෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙනහිරු
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොල නොබුදිති සිංහ පැටව්
හොද මල් නොපිපෙති ගිරි මුදුනේ
ගව තෙල් නොදමති රන් බදුනේ
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබදිති ගිරවියගෙ කරේ