පියුමෙහි පැණි බොතිpiyumehi paeni bothi

Piyumehi Pani Bothi

පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව්...//
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ...//

පියුමෙහි පැණි බොති වන බඹරු.../

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා...//
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු.../