පියුම් විලේ සිහිල් දියේpiyum wilee sihil dhiyee

Piyum Wile Sihil Diye

ගී පද

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ
බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන් මගේ මලේ
කෝල වෙවී ආලේ වෙලී පෙරුමන් පිරුවා 
ඉතින් අනේ දැන් නම් ඇති සිහින ගඟේ පාවෙද්දී ඔහේ 
දෝරේ ගලයි ගං දෑල බිඳි 
පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ.......

තරු එළිය පේවී මල් සුවඳ දේවී හැමදා හැමදා
සඳවතිය වේවී සඳ දිය උතුරාවී නහවා නහවා
දේදුන්නේ නැගිලා නුඹ එන්නේ 
හදවිල් තෙරේ මල් පීදෙන්නේ.......

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ
බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන් මගේ මලේ......

ළතැවුල් නිවන්නම් ලෙන්ගතුව ඉන්නම් ළං වී ළං වී
ඔබගේම වෙන්නම් පණ හරි දෙන්නම් කියාවී කියාවී
ආදරයේ හැටි නම් අරුමයි දුක් ගින්දර අඩු නෑ බෝමයි......

පියුම් විලේ සිහිල් දියේ........