පියෙනා තුරු දෑස් මගේpiyenaa thuru dhaes magee

Piyena Thuru Daas Mage

සංගීතය:
කේෂාන් පෙරේරාkeeshaan pereeraa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

පියෙනා තුරු දෑස් මගේ ඔබවයි මට ඕනේ
දැනෙනා දුක හීන් සැරේ හඳුනන්නේම නෑ වගේ
වෙන හිතකට මා රවටා ගියත් තරහා නෑ මා නම්
අපි ගත කළ ඒ කෙටි කාලේ නම් අමතක නෑ තාමත්........

වින්ද සෙනෙහස මතක් වෙලා දෙනෙතට කඳුලැල් උනනා
සිතු දේ පැතු දේ හෙමින් බොඳ වී ගියදා 
කොහොම ඉන්නදෝ හිනා වෙලා ඔබ නෑ ළඟින් මෙදා........

පියෙනා තුරු........

යන්න බෑ ඔබෙන් එහා වෙන කෙනෙකුට තුරුල් වෙලා
හැඬුවේ තැවුනේ හදින් දුක වැඩි හින්දා
දුරක ඉන්නේ ඇයි පියාඹලා මට මේ තරම් රිදුම් තියා.......

පියෙනා තුරු.......