පි‍යෙක් ‍වෙන්න මට වත්කම තිබුනාටpiyek wenna mata wathkama thibunaata

Piyek Wenna Mata Wathkama Tibunata

ගී පද

පි‍යෙක් ‍වෙන්න මට වත්කම තිබුනාට
මවක් ‍වෙන්න ඔබ පින් කර නෑ ‍සොඳුර
අ‍පේ කැදැල්ලට බිලි‍දෙකු ‍ගෙ‍නෙන්නට
බැරි උනාට දකිමි දුවක ‍ලෙස ඔබව //

පදවි දරන්නට දරුවන් ඉල්ලනා
මවුවරු හට ‍දෙවි පිහිටත් නැතිවෙලා
හීන එකක් බැඳි ආදර යාතිකා
කඩා වැටුනු මුත් අපි ඉමු ඉවසලා

පි‍යෙක් ‍වෙන්න ....

අපේ කැදැල්ලට සිරිකත ඔබ තමා
අහිංසක හිනා සිත තැන්පත් කලා
දරු‍වෙකු සේ තුරු‍ලෙහි සුරතල් ‍වෙලා
නැල‍වෙන ‍කොට සැන‍සෙයි සිත දුක නිවා

පි‍යෙක් ‍වෙන්න ....