පියමැන්නේ ඇයි ද එසේpiyamaennee aeyi dha esee

Piyamenne Aida Ese

ගී පද

පියමැන්නේ ඇයි ද එසේ
රිදවා..ලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ

මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා මේ සිහිනේ...

සිවිමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
මැකි ගියා රැල්ලේ විසල රෑයේ...

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හඳ අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ සතු වේවා සදා...

සිවිමැලි ඔබෙ වත....//