පියගැටපෙළpiyagaetapela

Piyagatapela

ඇල්බමය
Piyagatapela
සංගීතය:
නාරද අබේකෝන්naaradha abeekoon
පද රචනය:
D. තිලකා පියදාසd. thilakaa piyadhaasa

ගී පද

පියගැටපෙළ නැග මං ගෙට එනවා
නුඹෙ නෙතු මා එන මග විමසිල්ලේ 
පියගැටපෙළ බැස මං ආපසු යනවා 
නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ 

අකුරෙන් අකුරට අකුරු කෙරූ දා 
බාල මෙමට නුඹ රන් හුය වූවේ 
කවියෙන් කවියට පදවැල් ගොතනා
අද නුඹ මට මහ කවි විරිතක් වැන්නේ 

පියගැටපෙළ නැග මං ගෙට එනවා....

භවයෙන් භවයට තනිවම යන සසරේ
නුඹ හැමදාමත් මා පසුපසදෝ අම්මේ 
නුඹෙ කිරි සුවඳම ඉව කරගෙන මෙලෙසේ 
මං හැමදාමත් නුඹ ළඟමයි අම්මේ

පියගැටපෙළ නැග මං ගෙට එනවා....
(නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ...//)