ගී පද
පිය මඳහස මුව මුකුළු මවා - මඳ සුළඟින් ළඳළු බිදේ
මගෙ තනිකම පිස ලවන පබා - මට ගෙන එනු මැනවි සදේ
සියපත් මත ඔබ සුවඳ උලා - වන බඹරුන් ඉගිළ ගියා
පවසනු මැන මට මියුුරු කතා - ඔබ හිස මගෙ උකුළ තියා
මගෙ සිත ළඟ මල් පොකුරු දරා - ඔබෙ කටහඬ ඇසෙව පැලේ
නිදි බර නෙත නිදි නැතිව අසා - මා කළඹයි සොඳුරු රැයේ