පිවිතුරු සිතින්piwithuru sithin

Piwithuru Sithin

සංගීතය:
සිසිර සේනාරත්නsisira seenaarathna
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

පිවිතුරු සිතින් එනු මැන ළදේ 
අවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින් 
එතුවක් දුරින් ඉන්න ඈතින්

(ඇය මා ලඟින් වෙලී බැඳී 
ළතැවුල් මවා ගියා ඇදී...//)
ඒ දුක් රැහැන් වලින් මිදී 
අද මම විඩා හරින්නෙමී

පිවිතුරු සිතින් එනු මැන ළදේ....

(තනිකම වගේ සුවක් ලොවේ 
මිනිසත් බවේ තවත් නොවේ...//)
මනසින් ලබන්න හැකි සුවේ 
අප ළං වුනොත් දුරස් වෙතේ

පිවිතුරු සිතින් එනු මැන ළදේ....
එතුවක් දුරින් ඉන්න ඈතින්