පිවිතුරු ආදරේpiwithuru aadharee

Pivithuru Adare

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
ප්‍රියන්ත පොරුතොටගේpriyantha poruthotagee

ගී පද

හුරු නුපුරුදු සීතල හිම රටේ 
කෙලෙසකදෝ ඔබ මාව සොයා ආවේ
සිත නිවාගන්නට ඔබව හමුවූයේ
(ඔබෙන් ලැබූ ඒ පිවිතුරු ආදරේ........//)
(රැකගනිමි පණ සේ ඔබේ ආදරේ.......//)

(දෙඇස් රිදවා ගලන කඳුලැලි පිස දමා......//)
සිනාසෙන්නට ඔබයි දිරිය දුන්නේ
ඔබේ කඳුළැලි මගේ කඳුළැලි
ඔබේ හසරැලි මගේ හසරැලි
ජීවිතේ ජීවිතේ........

(දැවී අළු වූ මගේ සිත ළඟ  නැවතිලා.......//)
ජීවිතය ගැන ඔබයි කියා දුන්නේ
ඔබේ පැතුමන් මගේ පැතුමන් 
ඔබේ සුසුමන් මගේ සුසුමන් 
ආදරේ ආදරේ.........

හුරු නුපුරුදු.........