ගී පද
පිටුපාල යන දාක මගෙ වටිනකම්
හිතුනෙ නැද්ද කවදාකවත් සත්තකින්
ආදරේ තාමත් මගෙ හිතේ සගවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
මාගෙ නොවන මතු දාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියෙවා
පසුතැවී නෙතු මගෙ හඩයි
හිත තාම නාවත් ඔයා ගැන හිතයි
හීනත් ඔයා මවුවෙත් එදා
හිත එක්ක සෙල්ලම් කරේ ඔබ තමයි
ආදරේ තාමත් මගෙ හිතේ සගවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
මාගෙ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබ සතුට හැමදා තියේවා..
හිමි නැතී පෙම මගෙ සදා
නැතිවීම මගෙ ජීවිතේ ඉරනමයි
කාටත් වඩා හෙවුවෙත් ඔයා
ගැන තාම හිතෙ මගෙම ස්නෙහෙ නිසයි
අදරේ තාමත් මගෙ හිතේ සගවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්..
පිටුපාල යනදාක මගෙ වටිනකම්....