පිටකොටුවේ මහ රෑට අපි එක් වුණාpitakotuwee maha raeta api ek wunaa

Pitakotuwe Maha Rata Api Ek Una

ගී පද

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා
අඩ අඳුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා අපි සැනසුණා
සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිරේ දුර දිග බව දැනුණා
අපි ළඟම අපි දැවටුණා....//

මත් මවපු මහ රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදම් කරයි
සැනසුම් ගොඩයි දිරිය එක්තැම් කරයි
මගේ ලෝකේ ගොළු හීන මං මත් කරයි.....

පිටකොටුවේ අපි.....

සරුසාර හෙට දවස මට අත වනයි
දෑතින් බදා මාව තුරුලේ හොවා
හිත ගාව එඩිතරව නව හිරු බලයි
කොළ කෑලි බට කෑලි මට අත වනයි....

පිටකොටුවේ අපි....

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා
අඩ අඳුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා අපි සැනසුණා
සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිරේ දුර දිග බව දැනුණා
(අපි ළඟම අපි රැවටුණා....///)