පිස්සු කෙල්ලේpissu kellee

Pissu Kelle

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
මලින්ද ප්‍රභාත්malindha prabhaath

ගී පද

දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති 
දැනීලා ආදරේ ඉස්තරම් සිත පිරී 
රැඳීලා හිතුමතින් ලැගුම් ගත් හිතවතී
යන්න බෑ අවසරත් ඉන්න නම් මට නැතී 

(පිස්සු කෙල්ලේ මං ආදරෙයි නෑ දන්නේ කොතරම් කියා 
නවතින්නට නම් නවතන්නට වෙයි දෑස් පියන් වහලා...//)

දැනන් ලං වුනේ නෑ දුරස් බැවු අපේ 
මගක් ආවේ එක වගේ කාමින් සිතේ  
සුවඳ තාම ඇහැරිලා නෑ මේ හදවතේ 
ඔයා ලබා ගන්නයි පින් කරන්නේ මා ලඳේ 
     
පිස්සු කෙල්ලේ මං ආදරෙයි....//

මගේ රත්තරන් මතකයි තාම අමතක වූ
ඔයාට මං ආදරේට කීව නම සුදූ 
අත බැඳෙන්න ඇති මේ පින් මට දෛවයෙන් ලැබූ 
හිත හදාන සැනසෙමු ආදරෙන් මතු

දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති....
පිස්සු කෙල්ලේ මං ආදරෙයි....///