පිරිසිදු හිනාවpirisidhu hinaawa

Pirisidu Hinawa

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

පිරිසිදු හිනාව මා විඳපු 
සිනිදුයි කම්මුල අත ගාපු
අතේ ඇඟිලි මිරිකා හිඳපු 
ඒ කාලෙට මා කැමතිලු
මා දැක්කම දුවගෙන ආපු 
වඩා ගන්න මට බල කරපු 
මගේ වෙන්න ඕනේ කියපු 
ඔයාට උන දේ පුදුමයිලු 

(සොයා බැලුවේ 
තරහා ගත්තේ 
ටිකක් සැර කරලා නීති දැම්මේ 
මගේ හින්දයි 
හදා ගන්නයි 
ඔයා වැරදියට වටහා ගත්තේ...//)

කොහේ ගියත් ඉන්න තැනක පරිස්සම් වෙලා 
ඉන්න කියා ප්‍රර්ථනා කෙරුවේ මං සදා 
සැකය නෙවෙයි හිතට බයක් තිබුනෙ මට එදා 
ඔබ දුකක් කරදරයක් සිද්ද වෙයි කියා 

සොයා බැලුවේ....//

පිච්ච මලේ පෙත්ත වාගේ ආදරෙන් බලා 
ගත්ත ඔබයි යන්න ගියේ ඇත්ත නොදැනිලා 
දැන්ද හදේ මැද්ද රිදෙයි කල්පනා වෙලා 
සුවඳ ඔබේ තාම දැනේ ආදරේ නිසා  

පිරිසිදු හිනාව මා විඳපු....
සොයා බැලුවේ....//