පින්සාර ආදරේpinsaara aadharee

Pinsara Adare

සංගීතය:
ලහිරු ධනංජය ද කොස්තාlahiru dhhananjaya dha kosthaa
පද රචනය:
වසුන්දරා හෙට්ටිආරච්චිwasundharaa hettiaarachchi

ගී පද

පින්සාර ආදරේ මගෙ හීන මාලිගේ 
හැබැහින් දකින්න බෑ මං තනිවෙලා වගේ 
නෙතු මානයේ දුක රැඳිලා...
(හිත ආදරේ ඉල්ලනවා)...//        

ඉස්සර වගේ හුරතල් වෙලා ලඟ ඉන්න ආසයි 
තිස්සෙම වගේ හීන මවලා හිතත් අවිවේකයි 
මුළු ජීවිතේ මම නුඹ නිසා හඬපු හැටි මතකයි 
සෙනෙහස තියා හැරයන්නෙපා මගෙ හිතට පාළුයි 
(හිත ආදරේ ඉල්ලනවා)...//

මියැදෙන තුරා තුරුලට වෙලා ඉන්න පැතුවා සදා 
දුටු සිහිනයත් සඟවා තබා ජිවිතෙත් කැප කළා 
සිත සහන උණුහුමත් සැනසුමත් ලඟ පාත නැති වෙලා 
මේ වේදනා මට හිමි නිසා හිනැහෙන්න බැරි වෙලා 
(හිත ආදරේ ඉල්ලනවා)...//  
   
පින්සාර ආදරේ මගෙ හීන මාලිගේ 
හැබැහින් දකින්න බෑ මං තනිවෙලා වගේ 
නෙතු මානයේ දුක රැඳිලා...
(හිත ආදරේ ඉල්ලනවා)...//