පින් පාට ඇස් එක්කpin paata aes ekka

Pinpata As Ekka

ගී පද

පින් පාට ඇස් එක්ක රන් පාට සඳ එලිය
ඇවිදින්න රහසින් කතා
සපුරාම තහනම්ද 
මේ මොහොත අද්දරට අතුරන්න සෙවනැලි රටා
පිනි සීත උදුරන්න ළඟ පාත දැවටෙද්දී 
දඟකාර සුළඟක් හමා 
මේ හාදකම් මොටද නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා
	
හොරැහින් බලා රතු පාට සාරිය දිහා 
ආඩම්බරේ නිල් දෑසේ දොරේ ගලා
කොච්චර හෙමින් ආව කාලයද මේ 
හැල්මේ දුවයි හති දමා

විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ
අදහන්න බෑ කිමිදෙන්නේ රහසක් වගේ
බැල්මක ලියා තියන පද පේලිය 
ශ්‍රිගතව මම රාත්‍රියේ ..

පින් පාට ඇස්..../