පින්නේ රැයේpinnee raeyee

Pinne Rayee

ගී පද

පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද

අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට

ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට

නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින් //