පින්න මලක් වෙලා හැන්දෑවේpinna malak welaa haendhaewee

Pinna Malak Pipila Handawe

ගී පද

පින්න මලක් වෙලා හැන්දෑවේ බෝවිටියා ලන්දේ
ගන්න හිතක් නෑ දෙනුවන් ඉවතට ලෝබ හිතෙන රුව බෝම අගේ
කෝලමකට දෙකොපුල් රතු වෙද්දී මෝදුවුනා පෙම් සිත රහසේ
යන්න හිතක් නැහැ සිදාදියට යළි සින්න වුනා හදවත මාගේ

උදුවප් සීතල රහස් කියද්දී රටා මවන්නම් පන් පැදුරේ
වෑකන්දට සඳ පායන ලස්සන බලන්න එනවද හැන්දෑවේ
නාදලු දෙතොලේ මොලකැටි උණුසුම කෝඩුකාර පෙම් සිතට දැනේ
ගෝමර ගෙල වට මාල පලන්දන නැකත ලගයි එන දුරුතු මහේ

 
බණ්ඩි ගොයම කිරි වැදී පැසෙද්දී තනියට හිදපං හඳපානේ
ඕන පදං කවි කතා කියන්නම් හිතට ගුලිවී රෑ ජාමේ
දණ්ඩි පැටව් වක්කඩේ නටද්දී කිමද නාන්නට සීත දොලේ
කන්ද උඩින් හිරු එබී බලද්දී අවදි වෙයන් හිමිදිරියේ

පින්න මලක් ....