පිනිබර යාමේ සැවුලන් අඬලනවාpinibara yaamee saewulan andalanawaa

Pinibara Yame

ගී පද

පිනිබර යාමේ සැවුලන් අඬලනවා
අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා
දුක්වේවී අම්මා

වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ
සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා