පිණි වැටුනට සුදු නෙළුමටpini waetunata sudhu nelumata

Pini Watunata Sudu Nelumata

ගී පද

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

සිරගත සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන් වල මතකය යන් නෑ //
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට ........

අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ //
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට ........