පිනි පොදක් නැතිවpini podhak naethiwa

Pini Podak Nathiwa

පද රචනය:
සුනිල් දයානන්ද කෝනාරsunil dhayaanandha koonaara

ගී පද

පිනි පොදක් නැතිව සුසුම් හෙළන 
වන්නි තුලානේ
උඹ හිනා වුණත් කරඹ මලක් සේ
හිත ඉකිගහනා හඬ ඇහුණා 
හීන් සීරුවේ

සිකුරු තරුව හැමදාමත්
ඔච්චම් කෙරුවා ඉරගල වැටෙන කරුවලේ
පැණි මොර මල් සුවඳට එන
බඹරු රැහේ ඉගිලුණා ද
උඩු හුළං මනාපේ

අටවක හඳ රටා වියන
වැව් ඉස්මත්තෙන් සී පද අඬහැර ඇසුණේ
උඹේ හිතේ කකියන දුක
හේවාරම් සී පදයට
උඹ කියාපන් නගේ