පිනෙන් පිරිහීpinen pirihii

Pinen Pirihi

ගී පද

පිනෙන් පිරිහී අහසින් වැටී නිවි නිවී යන දේවතා එළියේ
දෙතිස් වධ විඳිනා දේවතාවෝ
මව්ගුණ  ගී ගයති වධක කුටියේ - මව්ගුණ  ගී ගයති

වෙළෙමින් සුරතල් අම්මාගේ දෙතනේ
රසකිරි බිව්වා ඒ රසයයි දැන් කටට උනන්නේ
අම්මා දෝ ඇවිදින් ඉන්නේ
වේදනා නිව්වේ මැයි කකියන සිරුරේ
කිය කියා නැළවිලි ගී - අම්මා දෝ ඇවිදින් ඉන්නේ

නිරපරාදේ සතර අපායේ නොවැටී
මව් කිරි බී වැඩුණේ මැයි මගෙ දරුවන් සේ මා
වධකයින් හට සමාව දී
අප ගෙන යන්නට අම්මා දෝ ඇවිදින් ඉන්නේ