ගී පද
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිම් දෙන්න පුතේ මෙතැන රඳන්ටා...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...