පිහිටක් නැති සරණක් නැතිpihitak naethi saranak naethi

Pihitak Nathi

ගී පද

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ