පිදුව පෙම (තැවෙනා සිතුවිල්ලක)pidhuwa pema (thaewenaa sithuwillaka)

Piduwa Pema (Thawena Sithuvillaka)

සංගීතය:
සාජ්හන් සංඛsaajhan sankha

ගී පද

තැවෙනා සිතුවිල්ලක දැවටී
පෙම් ගී ලියවෙන්නේ
ඔබයි ප‍්‍රියේ කී ඒ සිටියේ
සිහිනෙන් අවදිව සිටි මා වෙත
සුවඳක් දැනුනා මා හට 
ඔබමයි හිමිකාරියේ සුවඳේ

කළුවර රෑ මේ රෑ මට නම්
සඳ බැස ගියත් වලා අතරින් 
ඔබ හිනැහෙයි මුවගින් මනරම් 
එළියක් වෙයි ඔබ මට නිසැකින් 

ඔබට පිදුව හිත මගේ වෙනස්වී නෑ 
කුරුටු ගී ලෙසින් මැකීලා නෑ 
සොඳුරු සිතුවමක් සේ සැමදා සතුට දේ 
මගෙ ප්‍රියේ ඔබේ වතේ සුවඳ රැවූදේ 
දහසකුත් හැඟුම් කඳුළු නෙතගේ 
විහිළු ප්‍රේම අන්දරේ බලා සිහිල් රෑ අම්බරේ 

දහසක් පැතුමන් මා සිතේ ගිනියම් වෙලා 
අපගේ හැඟුමන් දුරු වැඩි නිසා ලංවෙලා
දුකකින් සිටියත් සතුටක් ඇතේ ගැබ් වෙලා 
සොඳුරියෙ අපෙ නම් ඇත දෙව්ලොවේ ලියවෙලා 

කළුවර රෑ මේ රෑ මට නම්....
ඔබට පිදුව හිත මගේ වෙනස්වී නෑ....//