පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය)pichcha pokuru mal piidhena (rithuu teli naatya giithaya)

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

සංගීතය:
සඳරු ගමගේsandaru gamagee
පද රචනය:
හෂාන් මනෝල පලිහකෝන්hashaan manoola palihakoon

ගී පද

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි
නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...

දුක කීරි ගැහෙන හැන්දෑවක හදවත පිරිමැද
(මුදු සඳට හාදුවක් තියන්න මල් ලියකම් මැද...//)

ගී සින්දු ඇහෙන මිටියාවත නිල්ල නිලන සඳ
(ඔය මීන නුවන් වසාලන්න මගෙ මතකය ළඟ...//)

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි
(නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...///)