පෙති ගිලිහි ගිය මල නුබදෝpethi gilihi giya mala nubadhoo

Pethi Gilihi Giya Mala

ගී පද

පෙති ගිලිහි ගිය මල නුඹදෝ 	
සයුරේ සැගවුනු රළ නුඹදෝ 
වලාවකින් වැසි සඳ නුඹදෝ 
මේ ලොව දිවි කතරේ ...//

මුකලිත මලක් වෙලා 
පෙති ගිලිහුනාට කම් නෑ 
විසල් සයුරේ රළ විලා 
සැගවී ගියාට කම් නෑ 
අමාවකේ සඳ වී නොපෙනී ගියාට කම් නෑ 
සෙනෙහස නොලද නිසා වෙන් වුනාට කම් නෑ 

පෙති ගිලිහි ගිය .../

එකම එක මලක්දෝ මේ ලෝකය මත පිපුනේ 
එකම එක රළක්දෝ මේ මහ සයුරේ නැගුනේ 
එකම එක සදක්දෝ වලාවකින් වැසුනේ 
එකම එක රුවක්දෝ මා අභිමුව රැදුනේ 

පෙති ගිලිහි ගිය ...//