පෙරුම් පුරාගෙනperum puraagena

Perum Puragena

ගී පද

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක්‌ නතර උනේ

(මලක්‌ වගේ රොන් සුවද වගේ
ජිවිතයේ සුව අපමණ වේ...//)
දොලක්‌ වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසිල දැනේ

පෙරුම් පුරාගෙන....

(වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්‌වීදෝ...//)
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්‌දෝ

පෙරුම් පුරාගෙන....