ගී පද
පෙරදාක මගේ සිත හඬවාලා
ඔබ ගියා දුක මට දීලා
නෙතඟට මට කඳුලක් ඉනුවා නම්
ඒ ඔබම නිසාමයි හැමදාමත්
ඔබ එන්න ආයෙත් සතුට අරන්
(මගේ ළඟට පෙරදා වාගේ......//)
සිහිනයෙන් පවා හැඬුවා මං
ඔබ නැති දුක සිහිවීලා
ආදරයෙන් ඔබ උන්නු කාලයේ
කිසිම දුකක් මම දුන්නේ නෑ
ඔබ එන්න ආයෙත් සතුට අරන්
(මගේ ළඟට පෙරදා වාගේ......//)
ඔබගේ ආදරේ වින්ද දුක්
හැම විට මා හට මතක් වෙලා
ජීවිතෙන් පවා යන්න හිතෙනවා
ඔබහට මා එපා වෙලා
ඔබ එන්න ආයෙත් සතුට අරන්
(මගේ ළඟට පෙරදා වාගේ......//)
පෙරදාක මගේ සිත........