පෙරදා වගේමයිperadhaa wageemayi

Perada Wagemai

සංගීතය:
ලස්සන ජයසේකරlassana jayaseekara
පද රචනය:
උවිඳු ගයාෂාන්uwindu gayaashaan

ගී පද

පෙරදා වගේමයි ඔබ සිතේ ඉන්නවා
පෙම් කළ තරම් මේ හිත ඔයා දන්නවා
ඔබ නැති ලොවක් මට නම් සිතුණේම නෑ
හැඬුවට මගේ ඇස් තව රිදුණේම නෑ
හැඬුවට මගේ ඇස්......

උන්නත් මගේ ළඟ ඔබ හිනැහිලා
සිත කොහේ හෝ දුරකින් තිබුණි යාවෙලා
සැක කළේ නෑ ඔයා මගේ ජීවිතේ නිසා
අමතක වුණා මට නම් මා පවා
අමතක වුණා මට.........

මට හොරා තව අයෙක් ඔබ සනසලා 
සිත කොනින් ඔහු හටත් ඉඩ වෙන්වෙලා
රිදවන්න බෑ ඔයා තව ආදරේ නිසා
නැතිවී ගියා මට නම් මා පවා
නැතිවී ගියා මට නම්........

පෙරදා වගේමයි.......