ගී පද
පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම්
ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
ඔබේ ආදරේ මහමෙරක් වගේ දැණුනදා තවම මතකයි
යළිදු ඒ සෙනේ ලැබුණිනම් මගේ හිතට සැනසීම නියතයි
මුළු රැයේ ඉකිගසා හඬනවා තනිවෙලා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
පැතුව ආදරේ සිහිනයක් වගේ ලැබුණෙ මට ඔබෙන් විතරයි
නමුදු ඒ සෙනේ මඟ දමා ගියේ හදවතේ තිබූ පවටයි
ලද පෙමින් වෙන් වෙලා තැවෙනදා රැවටිලා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
පෙර වගේ ....