ගී පද
පෙර වගේ ඉන්න මා ළඟින්
ජීවිතේ ඔබ නිසා මට තරම් දුන්නු වේදනා
කාටවත් දෙන්නෙපා
විඳවනා මාගේ ආදරේ තව තවත් ලං කළා
උපදිනා දිනෙක මතු භවේ කාගෙවත් වෙන්නෙපා.........
හඬනවා තවම මුළු රැයේ කව්රුවත් දන්නේ නෑ
ඔබ තමා මාගේ ජීවිතේ කව්රුවත් වෙන්නේ නෑ
වෙන් වුණේ ඇයිද මා දමා
දුක තියා ඔබ ගියා මං තනිව හැඬුවා......
පෙර වගේ ඉන්න......
මැරෙනවා ඔබව මා හදේ හිතට සැනසුම නෑ
වටිනවා ඔබව මට තවත් ඔබ තවම දන් නෑ
වෙන් වුණේ ඇයිද මා දමා
දුක තියා ඔබ ගියා මං තනිව හැඬුවා......
පෙර වගේ ඉන්න......