පෙර දිනේpera dhinee

Pera Dine

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
කැලුම් දිසානායකkaelum dhisaanaayaka

ගී පද

පෙර දිනේ මං මුලාවී හිතු මනාපෙන් ඔයා 
ගියදා වියරු වීලා සබඳකම් නෑ කියා 
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා   
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා 

(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය 
මියදුනත් කවද හෝ යම් දිනෙක 
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)

සතයක් පවා මං ඉතුරු කෙරුවේ ඔබ නිසා 
හැම වේදනාවන් වින්දෙ සතුටින් ඇති සිතා  
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා   
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා 

(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය 
මියදුනත් කවද හෝ යම් දිනෙක 
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)

දිනුවත් ඔයා දැන් අතරමං වෙයි මතු දිනේ  
සිහිවේවි කවදා කොතැනකදි හෝ නැති අගේ 
දුන්නු ඒ චෝදනා හරි වැරදි කම් සොයා   
කෙරුවෙ නම් තාමත් අපි අපේමයි සෑමදා 

පෙර දිනේ මං මුලාවී......

(ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය 
මියදුනත් කවද හෝ යම් දිනෙක 
කල්පයක් තව ම හා ආදරෙයි පණ සදා...//)