පෙර දිනයක මා පෙම් කළ යුවතියpera dhinayaka maa pem kala yuwathiya

Pera Dinayaka Ma Pem Kala Yuwathiya

ඇල්බමය
Wali Thala Athare
සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

ගී පද

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

(නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා...//)
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

(හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා...//)
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා

(එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා...//)
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා....