පෙර දිනෙක පෙම්pera dhineka pem

Pera Dinaka Pem

සංගීතය:
යසස් මැදගෙදරyasas maedhagedhara
පද රචනය:
යසිත් දුල්ෂාන්yasith dhulshaan

ගී පද

පෙර දිනෙක පෙම් කෙරූ කෙනා 
ඔබ නේද ඇස් බැඳුම් හොවා
සුව දුක ඔබේ නොඅසා ගියේ මග හැර ඔයා 
මිතුදමින් අමතනා හිතක් නෑ ඉපදිලා
ඔබ එපා කිවු කෙනා තවම මා.....

හසරැල්ල නරඹන්න ඔය මූණතේ
මග රැක්ක දින ගෙවුනේ සතුටින් මගේ
හදවත් විලේ නියඟය ලැබී පෙම් පියුම පරවුණා
මතක පණ නෑ කියා ඔබට සමු දී මෙමා....

ළය තැවුල පරදන්න ජීවන කෙතේ 
අළුතින්ම පෑයු ඇය නුහුරුයි ළඳේ
හදවත් විලේ නියඟය ලැබී පෙම් පියුම පරවුණා
මතක පණ නෑ කියා ඔබට සමු දී මෙමා....

 පෙර දිනෙක.....